ශැංග්‍රිලා සේවකයන්ට වසර 06 කදී $ මිලියන 03 ක් අඩුවෙන් ගෙවා ඇතැයි හෙළිවෙයි

සිඩ්නි හි සුප්‍රකට තරු පහේ හෝටලයක් වන ශැංග්‍රිලා හි ප්‍රධාන මෙහෙයුම්කරු විසින් වසර 06 ක කාලයකදී සේවකයන් 200 කට වැඩි පිරිසකට ඩොලර් මිලියන 03 කට වැඩි මුදලක් ගෙවා නොමැති බව හෙළිවී තිබෙනවා.

විශේෂයෙන් අතිකාල ගෙවීමේදී නියමිත මුදලට වඩා අඩු මුදලක් ඔවුන්ට ගෙවා ඇති බවයි Fair work කොමිසම විසින් සිදුකල ගවේෂණයකදී හෙළිකරගෙන ඇත්තේ.

ඊට අමතරව සති අන්ත – රාත්‍රී සේවා මුර හා පොදු නිවාඩු දිනවලදී සේවකයන්ට අමතරව ගෙවිය යුතු මුදල්ද නිසි ලෙස ගෙවා නොමැති බව අනාවරණ වී තිබෙනවා.

මෙලෙස අඩුවෙන් වැටුප් ලද බොහෝ පිරිසක් ආසියානු රටවලින් පැමිණි රැකියා වීසා ලාභින් බවද සඳහන්.

අරක්කැමියන් – ඉංජිනේරුවන් – කාමර සහයකයන් ඇතුලු විවිධ රැකියාවල නිරතවන්නන් මේ අතර වනවා.

https://www.9news.com.au/national/shangrila-sydney-five-star-hotel-found-to-have-underpaid-workers-3-million/16feb7b5-1a40-4dc9-9168-e8e2a4c1fd71

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »