කළහකාරී හැසිරීම පිටිපස අන්තවාදී කණ්ඩායමක් : ජනාධිපති මාධ්‍ය අංශය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස පිහිටා ඇති මිරිහාන පැගිරිවත්ත පාර අවහිර කරමින් කළහකාරී හැසිරීම පිටිපස අන්තවාදී කණ්ඩායමක් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

නුගේගොඩ, ජුබිලි කණුව අසළ උද්ඝෝෂණයක නිරත පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බව අනාවරණ වු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ.

යකඩ මුගුරු, කැති, පොලූ රැගත් මෙම කණ්ඩායම උද්ඝෝෂණයේ නිරත පිරිස උසිගන්වා මිරිහාන පිහිටි ජනාධිපතිවරයාගේ නිවස දෙසට ගමන් කර කළහකාරී තත්ත්වය නිර්මාණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙසහැසිරුණු පිරිසෙන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් බහුතරයක් සංවිධානාත්මක අන්තවාදීන් බව තහවුරු වී ඇතැයිද එම නිවේදනයේ සදහන්.

ඔවුන් අරාබි වසන්තයක් මෙරට ඇති කරමු යන හඩ නගමින් උද්ඝෝෂණය මෙහෙයවා ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙනවා.

ඉතා සැලසුම්කාරී ලෙස නිර්නාමිකව සමාජ මාධ්‍ය භාවිතා කරමින් ජනතාව කෝපගන්වා රට අරාජික කිරීමේ අරමුණින් මෙම කළහකාරී තත්ත්වය සිදු කර ඇති බව අත්අඩංගුවේ පසුවන පිරිසෙන් අනාවරණය වී ඇතැයිද අදාල නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »