මිරිහානේ ඊයේ රෑ මොකද වුණේ – සම්පූර්ණ වාර්තාව මෙන්න

පොලිස් කොට්ඨාශ 06 කට පණවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද අලුයම 05 ට ඉවත් කෙරුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කලේ එම පොලිස් කොට්ඨාශවල පදිංචි ජනතාවට මේ වනවිට සාමාන්‍ය පරිදි සිය දෛනික කටයුතු පවත්වාගෙන යා හැකි බවයි.

කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ උතුර – කොළඹ මධ්‍යම – කොළඹ දකුණ – නුගේගොඩ සහ ගල්කිස්ස යන පොලිස් කොට්ඨාශ මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් කොට්ඨාශයට ඊයේ රාත්‍රී 12 යි 30 සිට පොලිසද් ඇඳිරි නීතිය පණවනු ලැබුවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පදිංචි වී සිටින නුගේගොඩ මිරිහාන පැගිරිවත්ත පාරට පිවිසෙන ස්ථානය අසළ විශාල පිරිසක් විරෝධතාවයක නිරතවීමත් සමග හටගත් කළහකාරී තත්වය හේතුවෙනුයි.

ජීවන වියදම ඉහළ යාම – ඉන්ධන සහ ගෑස් අර්බුදවලට විසඳුම් ඉල්ලා විශාල පිරිසක් ඊයේ රාත්‍රි 07 යි 30 සිට පමණ ජුබිලි කණුව මංසන්ධිය අසලට රැස්ව තිබුණා.

ඔවුන් එහි විරෝධතාවයක් කිරීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නිවස පිහිටා ඇති මිරිහාන පැගිරිවත්ත පාර අවහිර කරමින් පැය කිහිපයක් පුරා දැවැන්ත විරෝධතාවයක නිරත වුණා.

පක්ෂ භේදයකින් තොරව පැමිණි සිවිල් වැසියන් ඊයේ රාත්‍රී 07 යි 30 පමණ සිට මෙම විරෝධතාවයට එක්ව රජයට දැඩි අප්‍රසාදය පළකල බවයි වාර්තාකරු සඳහන් කලේ.

මෙම උද්ඝෝෂණය හමුවේ නුගේගොඩ මහරගම 119 මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබූ බවයි වාර්තාකරු කියාසිටියේ.

විරෝධතාකරුවන් විසින් පොලිස් මාර්ග බාධක බිඳ දමමින් ඉදිරියට යාමට සූදානම්වීමත් සමග පොලිසිය සහ ඔවුන් අතර දැඩි උණුසුම් තත්වයක් හට ගැණුනා.

එය පාලනයට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුධ හමුදාවද කැඳවා තිබුණා.

උද්ඝෝෂකයන් ජනාධිපතිවරයා ගේ නිවසට කඩා වැදීම වැළැක්වීම සඳහා පොලිසිය මෙන්ම යුද හමුදාව දැඩි පරිශ්‍රමයක් දරන අයුරු දක්නට ලැබුණා.

එහිදී දෙපිරිස අතර ගල්මුල් ප්‍රහාරයක්ද එල්ලවී තිබුණා. එය පාලනයට කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කිරීමටයි පොලිසිය අනතුරුව පියවර ගත්තේ.

කෙසේවෙතත් මේ වනවිට තත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර මිරිහානේ තත්වය මුලුමනින්ම සාමකාමී මට්ටමක පවතින බවයි පොලිසිය ප්‍රකාශ කලේ.

මේ අතර මෙම විරෝධතාවය පැවැත්වෙන අතරතුර මිරිහාන අවට විදුලිය කපා හැරීමක්ද සිදුව අතර ටික වේලාවකින් නැවතත් විදුලි සැපයුම යථා තත්වයට පත්ව තිබුණා.

එමෙන්ම එම කලාපයේ අන්තර්ජාල සබඳතාවලට අවහිරතා මතුවී තිබූ බවටද සමාජ මාධ්‍ය ඔස්සේ විශාල පිරිසක් වාර්තා දක්වා තිබුණා.

පැවති ගැටුම්කාරී තත්වයේදී තුවාල ලැබූ කිහිප දෙනකු රෝහල් ගත කර ඇති බවද සඳහන්.

ඔවුන් කොළඹ ජාතික රෝහලට සහ කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කලා.

තුවාල ලැබූවන් අතර මෙම සිද්ධිය ආවරණයට ගිය මාධ්‍යවේදීන් මෙන්ම පොලිස් නිලධාරින් කිහිප දෙනෙකුද වන බවටයි වාර්තා පළවන්නේ.

මේ අතර විරෝධතාවය අතරතුරදී එහි නතර කර තිබූ බසයකට කිසියම් පිරිසක් ගිණි තබා තිබූ අතර ගල්මුල් ප්‍රහාර එල්ලවීමෙන් තවත් වාහන කිහිපයකට හානි සිදුවී තිබෙනවා.

මේ අතර කොළඹ – මහනුවර මාර්ගය හරස් කරමින් පිරිසක් තවත් විරෝධතාවයක නිරතවීම හමුවේ කොළඹ මහනුවර මාර්ගය කැලණිය දළුගම ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රියේ සම්පුර්ණයෙන්ම අවහිරවී තිබුණා.

මාර්ගයට ටයර් පුලුස්සා දමමින් ඔවුන් විරෝධතාවයක නිරත වුයේ රටේ පවතින දැඩි අර්බුදයට විසඳුම් ඉල්ලමිනුයි.

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක් ඇතුලු කණ්ඩායමකින් energy-‘smart ගඩොල්

ඔස්ට්‍රේලියාවේ තාක්‍ෂණ, සැලසුම් සහ ව්‍යවසාය පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය වන RMIT විසින් සිදු කළ නවතම පර්යේෂණයක් සඳහා ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක් ද එක්ව තිබෙනවා.

Read More »