ජනපති නිවස අසල යුද හමුදා බසයකට ගිනි – AusLanka TV – Australian News for the Sri Lankan community

ජනපති නිවස අසල යුද හමුදා බසයකට ගිනි

ජනපති නිවස අසල යුද හමුදා බසයකට ගිනි

ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවයේ නිරත පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් යුද හමුදා බසයකට හා තවත් වාහන කීපයකට ගිනි තබා ඇතැයි වාර්තා කරයි.

එම පිරිස එමස්ථානයේ රැඳමින් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන බව ද දැන ගන්නට ඇත.

මේ වනවිට ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවා ඇත.

මෙම ගැටුමින් තුවාල ලැබූවන් 10 දෙනකු පමණ රෝහල් ගත කර ඇතැයි ද හය දෙනකු කොළඹ ජාතික රෝහලේ සහ හතර දෙනකු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආංචි මාර්ග කියයි.

තුවාල ලැබූවන් අතර මෙම සිද්ධිය ආවරණයට ගින මාධ්‍යවේදීන් කීප දෙනකුට සිටින බව දැන ගන්නට ඇත.

COMMENTS