බ්‍රිස්බන් සිට තවත් ජාත්‍යන්තර ගමනාන්ත කිහිපයක් වෙත යළි ගුවන් ගමන්

බ්‍රිස්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට තවත් ජාත්‍යන්තර ගමනාන්ත කිහිපයක් වෙත අදින් ආරම්භ වූ මාසයේදී ගුවන් ගමන් ක්‍රියාත්මක වනවා.

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර දක්වා සෘජු ගුවන් ගමන් අද සිට ආරම්භ කෙරෙනවා.

බ්‍රිස්බන් – ඩුබායි සහ බ්‍රිස්බන් – වෙලිංග්ටන් ගුවන් ගමන් පසුගිය දින කිහිපයේදී ආරම්භ කෙරුණා.

ජූලි පළමුවනදා සිට කැනඩාවේ වැන්කුවර් නගරය සහ පිලිපීනයේ මැනිලා දක්වාද බ්‍රිස්බන් සිට ගුවන් ගමන් ආරම්භ කෙරෙනු ඇති.

බ්‍රිස්බන් සිට ඉන්දුනීසියාවේ බාලි නගරය දක්වා සෘජු ගුවන් ගමන් ලබන මැයි මාසයේ සිට ක්‍රියාත්මකයි.

https://www.9news.com.au/national/families-reunited-as-several-international-flights-resume-from-queensland/c94385be-5898-4f32-a4ed-b3991a186672

නවසීලන්තයේ කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට රන් පදක්කම් 3ක්

නවසීලන්තයේ පැවති කාය වර්ධන තරගාවලියකින් එරට සිටින ශ්‍රී ලාංකික තරුණයෙක් වන සුලාර ධනුක මාලිංග පදක්කම් රැසක් දිනාගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »