අර්බුදවලට විසඳුම් ඉල්ලා විශාල පිරිසක් ජනපති නිවස අසල දැවැන්ත විරෝධතාවයක

ජීවන වියදම ඉහළ යාම – ඉන්ධන සහ ගෑස් අර්බුදවලට විසඳුම් ඉල්ලා විශාල පිරිසක් ඊයේ රාත්‍රියේ පැය කිහිපයක් පුරා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නිවස පිහිටා ඇති මිරිහාන පැගිරිවත්ත පාර අවහිර කරමින් දැවැන්ත විරෝධතාවයක නිරත වුණා.

පක්ෂ භේදයකින් තොරව පැමිණි සිවිල් වැසියන් මෙම විරෝධතාවයට එක්ව රජයට දැඩි අප්‍රසාදය පළකල බව සඳහන්.

විරෝධතාකරුවන් විසින් පොලිස් මාර්ග බාධක බිඳ දමමින් ඉදිරියට යාමට සූදානම්වීමත් සමග පොලිසිය සහ ඔවුන් අතර දැඩි උණුසුම් තත්වයක් හට ගැණුනා.

එය පාලනයට කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කිරීමටයි පොලිසිය අනතුරුව පියවර ගත්තේ.

මෙම විරෝධතාවය හමුවේ 119 බස් මාර්ගය මුලුමනින්ම අවහිරව පැවති බවද සඳහන්.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »