ලේබර් පාලනයක් යටතේ නව රැකියා 604,000 ක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ලේබර් පාලනයක් යටතේ නව රැකියා 604,000 ක්

ලේබර් පාලනයක් යටතේ නව රැකියා 604,000 ක්

ඔස්ටේ්‍රලියානුවන්ට ඉහළ වැටුප් කිරීමක් සිදුකල යුතු බව විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් අවධාරණය කරනවා.

ජීවන වියදම පාලනයට විධිමත් පියවර අනුගමනය කල යුතු බවයි ඊයේ පාර්ලිමේන්තුවේදී අයවැය පිළිතුරු කථාව කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කලේ.

ලේබර් පක්ෂ පාලනයක් යටතේ උසස් තත්වයේ සෞඛ්‍ය සේවාවක් ලබාදීමට තමන් අපේක්ෂා කරන බවත් ඔහු කියාසිටියා.

2030 වසර වන විට නව රැකියා 604,000 ක් නිර්මාණය කිරීම / නිවාස සහ ව්‍යාපාර සඳහා විදුලි බිල්පත් අඩු කිරීම තවත් යෝජනා කිහිපයක්.

මහාමාර්ග – දුම්රිය – වරාය සහ අධිවේගී අන්තර්ජාල සේවා සඳහා ආයෝජනය කිරීම වැනි සැළසුම් රැසක් ලේබර් පක්ෂය සතු බවයි විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් සඳහන් කලේ.

වැඩි විශ්ව විද්‍යාල සහ ගාස්තු රහිත TAFE ආයතන බිහි කිරීම මෙන්ම රැකියා සහ නිපුණතා සහිත සේවකයින් බිහි කිරීමද විපක්ෂ නායකවරයා විසින් මෙහිදී ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

COMMENTS