Breaking: චොකා මල්ලි මරණ දඩුවමෙන් නිදහස්

2015 ජනාධිපතිවරණ සමයේදී කහවත්තේ පැවති මැතිවරණ රැස්වීමක වේදිකාවක සැරසිළි කරමින් සිටි පිරිසකට වෙඩි තබා එක් අයෙකු ඝාතනය කිරිමේ සිද්ධියට අදාළව මරණ දඩුවම නියමවී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) ඇතුලු චූදිතයන් 03 දෙනෙකු එම දඩුවමෙන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර් ගුරුසිංහ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි නියෝගය ලබාදුන්නේ.

2015 ජනාධිපතිවරණය සමයේ කහවත්ත ප්‍රදේශයේ පැවැති එවක පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන රැස්වීමකට පහරදී පුද්ගලයකු ඝාතනය කර තවත් දෙදෙනකුට තුවාල කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුලූ පිරිසකට එරෙහිව අධිචෝදනා ගොණු කර තිබුණා.

එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කළ රත්නපුර මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන් අදාළ චෝදනාවලට වරදකරුවන් කරමින් මරණ දණ්ඩනය නියම කරනු ලැබුවේ 2020 වසරේ ජුලි මස 31 වැනිදායි.

රත්නපුර මහාධිකරණය විසින් තමන්ට නියම කල මරණ දණ්ඩනයෙන් තමන් නිදෙස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුලූ විත්තිකරුවන් 03 දෙනකු අනතුරුව අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොණුකරනු ලැබුවා.

ඒ අනුව එම පෙත්සම් සැලකිල්ලට ගත් අභියාචනාධිකරණය තීන්දු කර ඇත්තේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමටයි.

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »

දේව මෙහෙය අතර පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් පළමු වරට විශේෂ ප්‍රකාශයක්

අන්තර්ජාලය ඔස්සේ විකාශය වෙමින් තිබූ දේව මෙහෙය අතර තමාට පිහියෙන් අනිනු ලැබූ තරුණයාට සමාව දෙන බව මාරි එම්මානුවෙල් රදගුරුතුමා පවසනවා.

Read More »