Search

විදුලි කප්පාදුවෙන් ප්‍රදේශ රැසක 4G සේවා සඳහා බාධා / ඇමති නාමල් කාර්ය මණ්ඩලය කැඳවීමත් සීමා කරයි

විදුලිය බිද වැටීමත් සමග අන්තර්ජාල සේවාද බිද වැටී ඇතැයි ප්‍රදේශ රැසකින්ම තොරතුරු වාර්තා වනවා.

ජංගම දුරකථන සේවා සපයන සමාගම් පවසා ඇත්තේ දිගු වේලාවක් විදුලිය කපා හැරීම හේතුවෙන් සිය 3G සහ 4G සම්ප්‍රේශණ ජාල පද්ධතියට බාධා ඇති වන බවයි.

බාධාවන්ගෙන් තොරව සබඳතා සැපයීම සඳහා සංඥා කුළුණු මධ්‍යස්ථාන හා විකල්ප විදුලි සැපයුම් පද්ධතීන්ගෙන් සමන්විත වුවද ජාතික විදුලිබල පද්ධතියේ දීර්ඝ විදුලි කප්පාදු පවතින අවස්ථාවන්හිදී, විකල්ප විදුලි සැපයුම් පද්ධති සීමිත වී ඇති බව ඇතැම් සමාගම් නිළ වශයෙන් දන්වා තිබෙනවා.

ඒ හේතුවෙන් සන්නිවේදන බාධා ඇතිවිය හැකි බවයි එම සමාගම් පවසා ඇත්තේ.

පවතින ඉන්ධන සහ විදුලි අර්බුධය හේතුවෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ රාජකාරි සඳහා අත්‍යාවශ්‍ය සේවකයින් පමණක් කැඳවීමට අවශ්‍ය අවසරය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ලබා ගන්නා ලෙසට තමන් සිය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කර සිටිනවා.

විදුලි සැපයුම සහ ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා මෙම ක්‍රමවේදය මගින් බලාපොරොත්තු වන බවත් සෙසු සේවකයින්ට නිවසේ සිට රාජකාරි කිරිමට හැකි බවයි අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටියේ.

දුරදිග බලා ගත් තීරණයක් නිසා $ බිලියන 03ක් ඉතිරි කරගත් ඔස්ට්‍රේලියානුවන් පිරිසක්

තම නිවාසවල වහලය මත සූර්ය පැනල සවි කර ඇති ඔස්ට්‍රේලියානු පවුල් ඒකක විසින්ලශක්ති බිල්පත් සඳහා වසරකට ඩොලර් බිලියන 3ක් ඉතිරි කරන බව නව සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නැති පශ්චාත් උපාධිධාරීන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අගෝස්තු මාසය සඳහා ද සියයට 4.2 ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

Read More »

දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් 274,000ක් ලැබෙන රැකියාවකට සුදුසු අයෙකු සොයයි

දකුණු ඕස්ට්‍රේලියාවේ කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිලය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම වෙනුවෙන් එම රැකියාව සඳහා ලබාදෙන වැටුප ඩොලර් 274,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

Read More »

අඩු ඉන්ධන මිළ වැඩි කලක් නෑ ?- ඔස්ට්‍රේලියා රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

මාස ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ දැනට අඩු මිලට පවතින ඉන්ධන තවදුරටත් ඒ ආකාරයෙන් පැවතීම අවිනිශ්චිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.

Read More »