
අඩු වැටුප් ලබන සියලුම සේවකයන්ට සියයට 05 ක වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස ඔස්ටේ්‍රලියානු වෘත්තීය සමිති සම්මේලනය Fair Work කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුව පැයක අවම වැටුප ඩොලර් 21.35 දක්වා ඉහළ නංවන ලෙසටයි ඔවුන් ඉල්ලා සිටින්නේ.
එසේ වුවහොත් අවම වාර්ෂික වැටුප ඩොලර් 42,183 දක්වා ඉහළ යනු ඇති බවද Fair Work කොමිසම වෙත ඉදිරිපත් කෙරුණු ලියවිල්ලේ සඳහන්.

ඉහළ යන ජීවන වියදම සහ උද්ධමනය හමුවේ මෙවැනි වැටුප් වැඩිකිරීමක් අනිවාර්යයෙන් ලබාදිය යුතු බවද ඔස්ටේ්‍රලියානු වෘත්තීය සමිති සම්මේලනය අවධාරණය කරනවා.
2020/21 වසරේදී පැයක අවම වැටුප සියයට 2.5 කින් වැඩි කෙරුණේ පැයක අවම වැටුප ඩොලර් 20.33 ක් දක්වායි.

ඒ අනුව මේ වනවිට සතියක අවම වැටුප පවතින්නේ ඩොලර් 772.60 ක් ලෙසයි.
https://www.7news.com.au/news/social/actu-pushes-for-5pct-wage-rise-for-workers-c-6270299
COMMENTS