ජනපති ගෝඨාභයගෙන් දැවෙන ප්‍රශ්නවලට විසඳුමක් – සිය ෆේස්බුක් පිටුවේ Comments සීමාකරයි

විදුලිය කැපීම් හා ඉන්ධන අර්බුදය හමුවේ එල්ලවන දැඩි විවේච්චන හේතුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ෆේස්බුක් පිටුවේ අදහස් දැක්වීම් (Comments) සීමා කර තිබෙනවා.

සමාජ ජාල විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ 2010 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ කිසිදු ජනාධිපතිවරයෙකු – අගමැතිවරයෙකු හෝ මන්ත්‍රීවරයෙකු මෙලෙස Comments සීමා කර නොමැති බවයි.

ඊයේ පැවති බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුලුව ඇමතීමට ආරම්භයට පෙර ජනාධිපතිවරයාගේ ෆේස්බුක් පිටුව හරහා එය සජීවීව විකාශය කිරීමේදීත් කිසියම් ගැටලු සහගත තත්වයක් නිර්මාණය වී තිබුණා.

ඒ පිළිබඳවද සමාජ ජාල ක්‍රියාකාරින්ගෙන් එල්ලවූයේ දැඩි උපහාසාත්මක අදහස් වීම විශේෂත්වයක්.

මේ අතර ශ්‍රී ලංකා රජයට එරෙහිව ලබන ඉරිදා පස්වරු 03 ට දිවයින පුරා විරෝධතා මාලාවක් සංවිධාන කර තිබෙනවා.

https://twitter.com/BuduMalli/status/1509204839326097413?s=20&t=kYIT4LjnpDuBiWvbOdGxHw

https://twitter.com/sanjanah/status/1509249021822795776?s=20&t=kYIT4LjnpDuBiWvbOdGxHw

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »