
ඔස්ටේ්‍රලියාවේ සිට ක්‍රියාත්මක කෙරෙන කෙටිම සහ දීර්ඝම ගුවන් ගමන් දෙකම ආරම්භ කෙරෙන ගුවන් තොටුපළ බවට ඩාර්වින් අන්තර්ජාතික ගුවන් තොටුපළ පත්වී තිබෙනවා.
ඒ ඩාර්වින් සිට නැගෙනහිර ටිමෝරයේ ඩිලි නුවර දක්වා ක්වන්ටාස් ගුවන් සේවය විසින් නව ගුවන් ගමනක් ආරම්භ කිරීමත් සමගයි.
මෙහි දුර ප්‍රමාණය කිලෝමීටර් 725 ක් පමණක් වන අතර පැයයි විනාඩි 20 ක් පමණක් වැයවනු ඇති.

එමෙන්ම කිලෝමීටර් 14,000 ක දුරකින් සමන්විත පැය 17 ක වේලාවක් ගතවන ලන්ඩන් දක්වා වන ගුවන් ගමනේ පළමු නැවතුම වන්නේද ඩාර්වින් ගුවන් තොටුපළයි.
මේ අතර වසර 23 කට පසු සිංගප්පූරු ගුවන් සේවය ඩාර්වින් දක්වා ගුවන් ගමන් ආරම්භ කල අතර සතියකට 03 වරක් සෘජු ගුවන් සේවා ක්‍රියාත්මකයි.
