Working Holiday වීසා සඳහාද සංශෝධන කිහිපයක් හඳුන්වාදීමට ස්කොට් මොරිසන් රජය තීරණය කර තිබෙනවා.
මේ අනුව ඔස්ටේ්‍රලියා රජය විසින් දැනටමත් Working Holiday එකගතා පවත්වාගෙන යන රටවල් 45 කින් වසරකට උපරිම වීසා නිකුත් කරන රටවල් 26 ක් සඳහා තවත් වීසා බලපත්‍ර නිකුත් කෙරෙනු ඇති.
ඒ යටතේ 462 වීසා කාණ්ඩය යටතේ තවත් වීසා බලපත්‍ර 11,000 ක් නිකුත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ඉදිරි වසර 03 තුළදී එමගින් ඩොලර් මිලියන 45 ක ආදායමක් උපයා ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.
ජනවාරි 19 වනදා සිට අප්‍රේල් 19 වනදා දක්වා ඔස්ටේ්‍රලියාවට පැමිණි Working Holiday වීසා ලාභීන්ට වීසා ගාස්තු නැවත ගෙවීමටද ෆෙඩරල් රජය පසුගියදා තීරණය කරනු ලැබුවා.
ජනවාරි 19 වනදා සිට මාර්තු 19 වනදා දක්වා ඔස්ටේ්‍රලියාවට පැමිණි ශිෂ්‍ය වීසා ලාභීන්ටද වීසා ගාස්තු නැවත ගෙවනු ලැබුවා.