Search

ඔස්ටේ්‍රලියා ගුවන් සමාගම් සංචාරක නියෝජිත ආයතන වෙත දෙන කොමිස් මුදල අඩු කරයි

සංචාරක නියෝජිත ආයතන වෙත ලබාදෙන කොමිස් මුදල අඩු කිරීමට ඔස්ටේ්‍රලියාව තුළ ක්‍රියාත්මක ප්‍රධාන පෙලේ ගුවන් සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව දැනට ගෙවනු ලබන සියයට 05 ක කොමිස් මුදල ජූලි 01 දා සිට සියයට 01 දක්වා අඩු කරන බවයි ක්වන්ටාස් ගුවන් සේවය නිවේදනය කලේ.

Emirates, Air New Zealand, Hawaiian Airlines, Singapore Airlines, Cathay Pacific & American Airlines යන ප්‍රධාන පෙලේ ගුවන් සමාගම් සියල්ල විසින්ද ඉදිරියේදී මෙම තීරණය අනුගමනය කිරීමට නියමිතයි.

මෙමගින් සංචාරක නියෝජිත ආයතන වෙත හිමිවන ඩොලර් මිලියන ගණනක මුදලක් අහිමිවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

විශේෂයෙන් කුඩා සමාගම්වලට දැඩි බලපෑමක් එමගින් සිදුවනු ඇතැයි සඳහන්.

කොවිඩ් තත්වයෙන් පසු ඔස්ටේ්‍රලියා සංචාරක ව්‍යාපාරය නැවත නගා සිටුවීම ඇරඹෙමින් තිබියදී මෙවැනි තීරණයක් ගැනීම අනුමත කල නොහැකි බවත් ඔවුන් අවධාරණය කරනවා.

මේ අනුව බොහෝ ගුවන් මගීන් සංචාරක නියෝජිත ආයතන හරහා ප්‍රවේශපත්‍ර මිළදී ගැනීමකින් තොරව ඔන්ලයින් ක්‍රමයට ගුවන් සේවය මගින්ම ප්‍රවේශපත්‍ර මිළයට ගැනීමේ වැඩි ඉඩක් පවතිනු ඇති බවටද අනාවැකි පළවනවා.

https://www.9news.com.au/national/airlines-slash-commission-to-australian-travel-agents/0365696b-766e-43ff-beb7-40bd79dcd72a

ටැටූ ගහල නම් රැකියා නැහැ – ශ්‍රී ලංකා පොලීසියෙන් අවවාදයක්

ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »