Search

නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා අතහැර වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වන පිරිස ඉහළට

බලපා තිබූ දැඩි කොවිඩ් තත්වයත් සමග දහස් සංඛ්‍යාත පිරිසක් නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත අතහැර වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වී ඇතැයි නවතම වාර්තාවක් අනාවරණය කරනවා.

පසුගිය වසරේදී 40,600 ක් පමණ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වෙනත් ප්‍රදේශවල පදිංචිවී ඇති අතර එය 2020 වසරේදී සටහන්වූයේ 16,700 ක් ලෙසයි.

ලබන වසරේදි එය 30,000 ක් ලෙස පවතිනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

වික්ටෝරියානුවන් 35,600 ක් පමණ ගතවූ වසර තුළ වෙනත් ප්‍රාන්ත වෙත සංක්‍රමණය වී තිබෙනවා.

කෙසේවෙතත් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ තත්වය මීට වෙනස් වන අතර පසුගිය වසරේදී වෙනත් ප්‍රාන්තවලින් පුද්ගලයන් 41,000 ක් පමණ එම ප්‍රාන්තයට පැමිණ පදිංචි වී තිබෙනවා.

https://www.9news.com.au/national/tens-of-thousands-leave-nsw-victoria-during-coronavirus-pandemic-as-queensland-population-rises/69c2bf05-a021-443c-a7a4-362128555716

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »