Search

Paid parental leave සඳහා සුදුසුකම් ලැබීමට හැකි පිරිස ඉහළට

වැටුප් සහිත මාපිය නිවාඩු යෝජනා ක්‍රමය හෙවත් paid parental leave සඳහා සුදුසුකම් ලැබීමට හැකි පිරිස මෙවර අයවැයේදී රජය විසින් පුළුල් කර තිබෙනවා.

ඒ අනුව තනිකඩ මාපියන්ට සම්පූර්ණ සති 20 ක් සඳහා වැටුප් සහිත මාපිය නිවාඩුවලට අවස්ථාව උදාවනු ඇති.

මෙම වෙනස්කම් මගින් අදාළ පුද්ගලයින්ට වැටුප් සහිත නිවාඩු දීමනා මෙන්ම රජයේ වැටුප් සහිත මාපිය නිවාඩු යෝජනා ක්‍රමයට සුදුසුකම් ලබාගැනීමටද අවස්ථාව උදාවනවා.

කෙසේවෙතත් aged care සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් පිළිබඳ මෙවර අය වැයට අන්තර්ගතව තිබුණේ නැහැ.

දැනටමත් aged care ශ්‍රම බලකායට ඇතුළත් වීමට අපේක්ෂාවෙන් සිටින අය සඳහා වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු අවස්ථා 15,000කට මුල්‍ය සහන ලබාදීම පිණිස මෙවර අයවැයෙන් ඩොලර් මිලියන 49.5ක් වෙන් කෙරුණා.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »