Search

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන්ගේ අවසන් කටයුතු අද

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන්ගේ අවසන් කටයුතු අද පැවැත්වීමට නියමිතයි.

ඒ වෝන්ගේ ක්‍රිකට් ජීවිතයේ සුවිශේෂ මතක සටහන් රැසක් සහිත සුප්‍රකට මෙල්බර්න් ක්‍රීඩාංගනයේදීයි.

අවසන් කටයුතු සඳහා පැමිණෙන ප්‍රේක්ෂකයන්ට නොමිලේ ප්‍රවේශපත් නිකුත් කිරීම යටතේ 50,000 කට ආසන්න පිරිසක් ඒ සඳහා ලියාපදිංචි වී සිටි බවයි වික්ටෝරියා ප්‍රාන්ත රජය සඳහන් කලේ.

පසුගිය 04 වැනිදා තායිලන්තයේ නිවාඩුවක් ගත කරමින් සිටියදී ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ෂේන් වෝන් මරණයට පත් වුණා.

අද පැවැත්වෙන ඔහුගේ අවසන් කටයුතු සඳහා ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම කලා ශිල්පීන් ඇතුලු විශාල පිරිසක් සහභාගීවීමට නියමිතයි.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »