Search

ඉන්ධන සහනය ලැබෙන්න තවත් සති 02 ක් ගතවන ළකුණු

2022-23 වසර සඳහා වන ෆෙඩරල් අයවැය ලේඛණය භාණ්ඩාගාරික ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් විසින් ඊයේ රාත්‍රියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඊට අනුව ඔස්ටේ්‍රලියානුවන් විශාල පිරිසකට එක් වරක් පමණක් හිමිවන ඩොලර් 1500 ක බදු කපා හැරීමක් හිමිවන අතර තවත් සැළකිය යුතු පිරිසකට එක් වරක් හිමිවන ඩොලර් 250 ක දීමනාවක් හිමිවනු ඇති.

ඉහළ යන ජීවන වියදම හමුවේ අඩු සහ මැදි ආදායම් ලබන පවුල් සඳහා දැනට හිමිවන ඩොලර් 1080 ක බදු සහනයට අමතරව තවත් ඩොලර් 420 ක බදු සහනයක් ලැබෙන අතර ඒ අනුව සමස්තයක් ලෙස ඩොලර් 1500 ක බදු කපා හැරීමක් හිමිවනවා.

ඩොලර් 126,000 ට අඩුවෙන් වාර්ෂික ආදායමක් ලබන පුද්ගලයන් මෙම වසරේදි අයදුම් කිරීමේදී මෙම සහනය හිමිවන බවයි භාණ්ඩාගාරික ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් අයවැය කථාව ඉදිරිපත් කරමින් කියාසිටියේ.

මෙවර අයවැයේදී අවධානය යොමුවූ අනෙක් සුවිශේෂීම නාර්ණය වූයේ ඉන්ධන ලීටරයක් මත පණවා තිබූ සත 44 ක බද්ද මාස 06 ක් සඳහා සත 22 කින් අඩු කිරීමයි.

ඒ අනුව ඉදිරි සති 02 තුළ එම සහනය පාරිභෝගිකයන්ට ලැබෙනු ඇතැය අපේක්ෂා කරන බව භාණ්ඩාගාරික ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් සඳහන් කලා.

https://7news.com.au/politics/budget/one-off-cash-payment-confirmed-for-millions-of-australians-c-6250625

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ඇල්බනීස් සමග සාකච්ඡාවකට ට්‍රම්ප් තවමත් සූදානම් නැහැ

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි සමඟ G7 රැස්වීමක් තවමත් තහවුරු කර නොමැති බව වාර්තා වනවා.

Read More »