Search

ලෝකයේ උද්ධමනය වැඩිම රටවල් අතර 06 වන තැන ශ්‍රී ලංකාවට

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්කි ගේ නවතම උද්ධමන වගුවට අනූව ශ්‍රී ලංකාව හයවෙනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

ස්ටීව් හැන්කි ගේ උද්ධමන වගුවට අනූව 14.2% ක් ව තිබූ ශ්‍රී ලංකාවේ උද්ධමනය 55% දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.

මහාචාර්ය ස්ටීව් ට අනූව ශ්‍රී ලංකාව තුළ 1884 සිට 1950 දක්වා ක්‍රියාත්මක මුදල් මණ්ඩලයක් ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාවේ තිබෙන ඉහළ උද්ධමනයට කදිම විසඳුමක් සොයාගත හැකියි.

විශේෂ කාරණය නම් මීට පෙර මහාචාර්ය හැන්කිගේ උද්ධමන වගුවට ශ්‍රී ලංකාව ඇතුළත් වී නොතිබීම සහ මෙවර එම උද්ධමන වගුවට ශ්‍රී ලංකාව හයවෙනි ස්ථානය දක්වා ඉහළ ගොස් ඇතුළත් වී තිබිමයි.

https://www.lankadeepa.lk/news/%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A-%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8-%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A-%E0%B6%85%E0%B6%AD%E0%B6%BB-%E0%B7%84%E0%B6%BA-%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92-%E0%B6%AD%E0%B7%90%E0%B6%B1-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7/101-610614

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »