රට සල්ලිවලට වැඩියෙන් ගෙව්වොත් වැඩ වරදී – AusLanka TV – Australian News for the Sri Lankan community

රට සල්ලිවලට වැඩියෙන් ගෙව්වොත් වැඩ වරදී

රට සල්ලිවලට වැඩියෙන් ගෙව්වොත් වැඩ වරදී

බලපත්‍රලාභී බැංකු විසින් ලබාදෙන අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතවලට විදේශ මුදල් ගනුදෙනු සිදු කරන මුදල් හුවමාරු කරන්නන්ගේ බලපත්‍ර අවලංගු කරන බව ශ්‍රී ලංකා මහබැංකුව අවධාරණය කළා.

නිවේදනයක් නිකුත් කරමින් එහි විදේශ විනිමය දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එලෙස යම් මුදල් හුවමාරු කරන්නෙකු ගනුදෙනුවක දී ඉහළ විනිමය අනුපාත ලබාදෙන අවස්ථා පිළිබදව දැනුම්දෙන ලෙසට යි.

ඒ සඳහා 0112 398 523 හා 0112 398 827, 0112 477 375, 0112 398 568 යන දූරකථන අංක ඔස්සේ ඇමතුම් ලබාදිය හැකියි.

[email protected] යන විද්‍යුත් තැපෑල ඔස්සේ ද තොරතුරු යොමු කළ හැකියි.

https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/pr/press_20220828_notice_to_the_public_money_changers_s.pdf

COMMENTS