අඩු සහ මැදි ආදායම්ලාභී පවුල් සඳහා ද අද අයවැයෙන් $ 250 ක දීමනාවක්

අඩු සහ මැදි ආදායම්ලාභී පවුල් සඳහා ද අද ඉදිරිපත් කෙරෙන අයවැයෙන් ඩොලර් 250 ක දීමනාවක් පිරි නැමෙන බවට වාර්තා පළවනවා.

ඉහළ යන ජිවන වියදම පාලනය කරගැනීමේ අරමුණ ඇතිවයි එක් වරක් පිරිනැමෙන එම දීමනාව ලබාදීමට යෝජිතව ඇත්තේ.

ඩොලර් 1080 ක් දක්වා වන බදු විරාමය දීර්ඝ නොකිරීම වෙනුවට මෙම මූල්‍යාධාරය ලබාදීම කෙරෙහියි ෆෙඩරල් රජයේ අවධානය යොමුවී ඇත්තේ.

පළමු වරට නිවසක් මිළදී ගන්නා තනි පුද්ගලයන් සඳහා මෙන්ම යුවළ සඳහාද අය අයවැයෙන් සහන සැළසෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

මෙවර අයවැය හිගය ඩොලර් බිලියන 70 ක් ලෙස පවතිනු ඇති බවත් එය අපේක්ෂා කල මට්ටමට වඩා යහපත් තත්වයක් බවටත් ෆෙඩරල් රජය පෙන්වා දෙනවා.

https://www.9news.com.au/national/federal-budget-2022-one-off-250-payment-expected-for-low-to-middle-income-earners/5fb5f320-7916-4fa2-b3b9-b9b4b4aa7f93

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා මර්ෆි සොයන්න ගිය පොලිසියට නොසිතූ දෙයක් හමුවෙයි

බැලරට් ප්‍රදේශයෙන් අතුරුදන් වූ සමන්තා මර්ෆි සොයා අද ආරම්භ වූ විමර්ශනයේදී බැලරට් නගරයට ආසන්න ප්‍රදේශයේ වේල්ලක් අසල තිබී දුරකථනයක් ලෙස සැක කෙරෙන උපකරණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »