බටහිර ඔස්ටේ්‍රලියා Skilled Visa සඳහා අමතර කෝටාවක්

2021-22 වසරට අදාළව බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ Skilled Visa වැඩසටහන සඳහා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් අමතර කෝටාවක් ලබා දී තිබෙනවා.

එම අතිරේක වීසා කෝටාව සමග සමගින්, දැනට පවතින වීසා නාමයෝජනා අයදුම්පත් හැකි ඉක්මණින් සලකා බලා අවසන් කිරීමටයි බටහිර ඔස්ටේ්‍රලියා ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.

මේ අනුව State nomination වීසා සඳහා නව අයදුම්පත් භාරගැනීමද ආරම්භ කර තිබෙනවා.

ඊට අදාළ මීළග ආරාධනා පත්‍ර වටය අප්‍රේල් පළමු සතියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බව බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සඳහන් කලා.

2021/22 වර්ෂයට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය වෙත මීට පෙර Skilled Nominated (Subclass 190) වීසා 1,100 ක් – Skilled Work Regional (Subclass 491) වීසා – 340 ක් සහ Business Innovation and Investment Program (BIIP) – 360 ක් ලැබී තිබුණා.

https://migration.wa.gov.au/services/skilled-migration-western-australia/about-state-nomination

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »