
විශේෂ කෘෂි වීසා කාණ්ඩය යටතේ ඔස්ටේ්‍රලියාවේ ගොවිපොළ වල සේවයට ගන්නා පළමු පිරිස වියට්නාමයෙන් ගෙන්වා ගැනීමට තීරණය කර තිබෙනවා.
විදේශ ඇමතිනි මරීස් පේන් පැවසුවේ මීට අදාළව වියට්නාමය සමග එකගතා ගිවිසුමක්ද අත්සන් කර ඇති බවයි.
කෙසේවෙතත් වාර්ෂිකව කොපමණ පිරිසක් ගෙන්වා ගන්නේද ඔවුන් කුමන කාලයකදී පැමිණෙන්නේද යන්න මෙතෙක් තීන්දු කර නැහැ.

එමෙන්ම මෙම සේවකයන් පුහුණු ශ්‍රමිකයන්ද නොඑසේනම් නුපුහුණු ශ්‍රමිකයන්ද යන්න පවා තවමත් අවිනිශ්චිත මට්ටමකයි පවතින්නේ.
ඔස්ටේ්‍රලියාව තුළ ගොවිපොළ ආශ්‍රිත රැකියා 10,000 ක පමණ පුරප්පාඩු ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

COMMENTS