ෆෙඩරල් අයවැය ලේඛණය අද පාර්ලිමේන්තුවට

ෆෙඩරල් රජයේ ඉදිරි වසර සඳහා වන අයවැය ලේඛණය භාණ්ඩාගාරික ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

රාත්‍රී 07 යි 30 ට පමණ එය ඉදිරිපත් කිරීම ආරම්භ වනු ඇති.

ලෝක වෙළඳපොලේ තෙල් මිළ ඉහළ යාම / ආහාර මිල ගණන් වැඩිවීම / ජීවන වියදම ඉහළයාම වැනි කරුණු හමුවේ මෙවර අයවැයෙන් කුමන සහන ලැබෙනු ඇතිදැයි ජනතාව පසුවන්නේ දැඩි අවධානයකින්.

කිසිදු දීමනාවක් නොලබන පුද්ගලයන් වෙනුවෙන් විශේෂ දීමනාවක් පිරිනැමීම මෙවර අයවැයට ඇතුළත් වන සුවිශේෂී කරුණක්.

විශ්‍රාමිකයන් සඳහා එය ඩොලර් 250 නොඉක්මවනු ඇතැයිද සඳහන්.

එමෙන්ම ඉන්ධන බදු කපා හැරීම සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා අමතර මුදල් වෙන් කිරීමක්ද මෙවර ෆෙඩරල් අයවැයට ඇතුළත් වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ලබන මැයි මාසයේදී පැවැත්වෙන ෆෙඩරල් මහ මැතිවරණය ඉලක්ක කර ජනතාවට මැතිවරණ පොරොන්දු දෙන අයවැයක් රජය විසින් ඉදිරිපත් කරනු ඇති බවටයි විපක්ෂය චෝදනා කරන්නේ.

මාධ්‍යයට හෙළි නොවූ සිඩ්නි අවට පිහි ඇනුම් ගැන තොරතුරු එළියට

ගතවූ සතියක කාලයක් තුල සිඩ්නි අවට ප්‍රදේශ කිහිපයකදී පිහි ඇනුම් 5කින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »