බදු අඩු කෙරුණද ඉන්ධන මිළ සැළකිය යුතු අගයකින් අඩු නොවනු ඇති බවට අනාවැකි – AusLanka TV – Australian News for the Sri Lankan community

බදු අඩු කෙරුණද ඉන්ධන මිළ සැළකිය යුතු අගයකින් අඩු නොවනු ඇති බවට අනාවැකි

බදු අඩු කෙරුණද ඉන්ධන මිළ සැළකිය යුතු අගයකින් අඩු නොවනු ඇති බවට අනාවැකි

අද ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයේදී ඉන්ධන බදු අඩු කෙරුණද වෙළඳපොලේ ඉන්ධන මිළ සැළකිය යුතු අගයකින් අඩු නොවනු ඇති බවට NMRA ආයතනය අනාවැකි පළකරනවා.

දැනට පෙට්‍රල් ලීටරයකින් අය කෙරෙන බදු මුදල සත 44 ක්.

අද අයවැයේදී එම බදු මුදල සත 10 ත් 20 ත් අතර අගයකින් අඩු කෙරෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

කෙසේවෙතත් එය පෙට්‍රල් මිළ සැළකිය යුතු අගයකින් අඩු කිරීම සඳහා ප්‍රමාණවත් නොවනු ඇති බව NMRA ආයතනය පෙන්වා දෙනවා.

ඒ අනුව ජනතාව අපේක්ෂා කරන ආකාරයෙන් පෙට්‍රල් මිළ අඩුවීමක් සිදුනොවනු ඇති බවයි ඔවුන්ගේ ස්ථාවරය වන්නේ.

https://www.9news.com.au/national/budget-2022-cuts-to-fuel-excise-may-not-result-in-cheaper-petrol-nrma/022f79ee-5049-4db2-b521-a1e7faba96c4

COMMENTS