Dandenong ඇතුලු මෙල්බන්වාසීන්ට විශේෂ පණිවිඩයක්

මෙල්බන් නගරයේ අද දිනයේ දැකගත හැකි දැඩි දුමාරය හෙට දිනයේදීත් අපේක්ෂා කෙරෙන බව බළධාරීන් පවසනවා.

සැලසුම් කල වනාන්තර ගිණි තැබීම් 23 ක් පසුගිය සිකුරාදා සිට ක්‍රියාත්මක කෙරුණු අතර ඉන් 16 ක් ම අයත්වන්නේ Greater Melbourne කලාපයටයි.

ඒ අනුව අද දිනයේ මෙල්බන් වායු තත්වය ඉතා අයහපත් කාණ්ඩයේ පවතින අතර Dandenong, Melbourne CBD, Lilydale, & Box Hill යන ප්‍රදේශ සියල්ලෙහිම වායු දූෂණය ඉතාම ඉහළ මට්ටමකයි පවතින්නේ.

ශ්වසන අපහසුතා ඇති පුද්ගලයන්ට සෞඛ්‍ය අංශ දන්වා සිටින්නේ හැකිතාක් නිවාස තුළට වී සිටින ලෙසයි.

එමෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසටත් ඔවුන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

https://www.9news.com.au/national/victoria-planned-burns-sees-intense-smoke-across-parts-of-melbourne/9b4849b5-a5b1-42ba-8aef-669c3895cb55

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »