ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ මට්ටමක – AusLanka TV – Australian News for the Sri Lankan community

ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ මට්ටමක

ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ මට්ටමක

ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා.

රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,958 ක් ලෙසයි.

සති අන්තයේ රන් මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබුණද ගතවූ දින 30 ක කාලය සැළකූ විට රන් මිල සියයට 3 කින් පමණ එනම්, ඩොලර් 56 කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කොළඹ හෙට්ටිවීථියේ කැරට් විසි හතරේ රන් පවුමක මිල මේ වනවිට රුපියල් එක්ලක්ෂ අසූ දහස දක්වා ඉහළ ගොස් තිබුණා.

කැරට් විසි දෙකේ රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් එක්ලක්ෂ හැටදහසක් ලෙසයි.

ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් සඳහන් කළේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සීග්‍ර ලෙස පහත වැටීමද මෙලෙස දේශීය වශයෙන් රන් මිල ඉහළ යාමට බලපා ඇති බවයි.

COMMENTS