
හෙට ඉදිරිපත් කරන ෆෙඩරල් අයවැයෙන් ඉන්ධන මත පණවා ඇති බදු ඉවත් කෙරෙනු ඇති බවට වාර්තා පළවනවා.
ඒ අනුව ඉන්ධන මිළ සැළකිය යුතු අන්දමින් පහළ යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
පසුගිය සතියේදී ඔස්ටේ්‍රලියාව පුරා පෙට්‍රල් ලීටරයක මිළ ඩොලර් 02 ඉක්මවා ගොස් තිබුණා.

මේ අතර ඉහළ යන ජිවන වියදම පාලනයට විවිධ දීමනා කිහිපයක්ද හෙට අයවැයෙන් ලබාදෙන බවයි ෆෙඩරල් රජයේ භාණ්ඩාගාරික ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් සඳහන් කර තිබුණේ.
කෙසේවෙතත් ඒවා මැතිවරණය ඉලක්ක කරගත් ඡන්ද පොරොන්දු නොවන බවද ඔහු අවධාරණය කලා.
