සිඩ්නි නගරවාසීන්ට දින 12 ක් පොදු ප්‍රවාහන සේවා නොමිළයේ

දින 12 ක් පුරා පොදු ප්‍රවාහන සේවාවල නොමිළයේ ගමන් කිරීමට සිඩ්නි නගරවාසීන්ට අවස්ථාව ලැබී තිබෙනවා.

අප්‍රේල් 14 වනදා සිට 26 වනදා දක්වා එම වරද්‍රසාදය හිමිවනවා.

පසුගිය මාසයේදී පැය 24 ක් පුරා සිදුකල වර්ජනයේදී අපහසුතාවයට පත් මගීන් වෙනුවෙන් සමාව අයැදීමක් ලෙස නොමිළයේ ප්‍රවාහන කාලසීමාවක් ප්‍රකාශයට පත් කරන්නැයි නිවු සවුත් වේල්ස් ප්‍රවාහන වෘත්තීය සමිති ප්‍රාන්ත රජයෙන් ඉල්ලා සිටියා.

එසේ නොකළහොත් ජූනි මාසයේ සෑම සිකුරාදා දිනයකම වැඩ වර්ජන සිදුකරන බවටයි ඔවුන් අනතුරු ඇගවූයේ.

ඒ අනුව පාස්කු නිවාඩු ආවරණය වන පරිදි පොදු ප්‍රවාහන සේවා තුළ නොමිළයේ ගමන් කිරීමට සිඩ්නි නගරවාසීන්ට අවස්ථා ලබාදීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරිණය කර තිබෙනවා.

බස් – දුම්රිය – light rail – ferries යන සියලු ක්‍රම සඳහා මෙය බලාත්මක අතර Greater Sydney සිට Central Coast දක්වාත්, the Hunter Valley region, the Illawarra & the Blue Mountains කලාප සඳහාත් මෙය වලංගු වනු ඇති.

මෙමගින් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයට දැරීමට සිදුවන පාඩුව ඩොලර් මිලියන 14 කට ආසන්න වනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.