ලංකාවේ තවත් ගුවන් තොටුපළකින් අද සිට රට ගුවන් ගමන්

වසර 55 කට පසු රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් අද සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කෙරෙනවා.

මාලදිවයින් ගුවන් සමාගමක් හා ශ්‍රී ලාංකික පෞද්ගලික ගුවන් සමාගමක් එලෙස ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ඇති.

අද සිට රත්මලාන ගුවන් තොටුපළින් කාලසටහන් ගත ගුවන් ගමන් ආරම්භ කරන ගුවන් සමාගම් වලින් අය කරන්නේ ඇමෙරිකානු ඩොලර් 60 ක් වු අපගමන බද්දෙන් ඇමෙරිකානු ඩොලර් 30 ක මුදලක් පමණයි.

රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ අඩු වියදම් ගුවන් ගමන් සදහා නව ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරිමට ද සැලසුම් කර තිබෙනවා.

මීට අමතරව ඉහල ආදායම් ලබන පුද්ගලයින් ඉලක්ක කරගෙන පුද්ගලික ගුවන්යානා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ප්‍රවර්ධනය කිරීමටත්, පුද්ගලික ගුවන්යානා සඳහා තාක්ෂණික නැවතුම් සේවා ගුවන් යානා ඉන්ධන පිරවුම් වැනි අවශ්‍යතාවයන් ඉටුකිරීමටත් මේ යටතේ කටයුතු කෙරෙනු ඇත.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »