ඔස්ටේ්‍රලියාව පුරා 754,000 ක් සැත්කම් පොරොත්තු ලේඛණවල – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියාව පුරා 754,000 ක් සැත්කම් පොරොත්තු ලේඛණවල

ඔස්ටේ්‍රලියාව පුරා 754,000 ක් සැත්කම් පොරොත්තු ලේඛණවල

කොවිඩ් තත්වය හමුවේ ඔස්ටේ්‍රලියාව පුරා රෝහල්වල Elective සැත්කම් සඳහා පොරොත්තු වේලාවන් සැළකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇතැයි නවතම වාර්තාවක් හෙළි කරනවා.

ඔස්ටේ්‍රලියානු වෛද්‍ය සංගමය විසිනුයි එය නිකුත් කර ඇත්තේ.

මේ වනවිට 754,000 කට ආසන්න පිරිසක් පොරොත්තු ලේඛණවල සිටින බවයි එහි දැක්වෙන්නේ.

ඉන් ඇතැමුන් වසරකට වැඩි කාලයක් පුරා බලා සිටින බවද මෙම වාර්තාව පවසනවා.

ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමග ඔස්ටේ්‍රලියවාව පුරා රෝහල්වල Elective සැත්කම් තාවකාලිකව අත්හිටුවනු ලැබූ නමුත් මේ වනවිට එය යථා තත්වයට පත්ව තිබෙනවා.

https://www.9news.com.au/national/australia-health-system-buckles-under-pressure-elective-surgery-waiting-times-blow-out/6ee04980-06e4-4f7d-98dc-366e8732f399

COMMENTS