විශ්‍රාමිකයන්ට ෆෙඩරල් අයවැයෙන් දෙන දීමනාව $ 250 ක් බවට ස්ථිර වෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

විශ්‍රාමිකයන්ට ෆෙඩරල් අයවැයෙන් දෙන දීමනාව $ 250 ක් බවට ස්ථිර වෙයි

විශ්‍රාමිකයන්ට ෆෙඩරල් අයවැයෙන් දෙන දීමනාව $ 250 ක් බවට ස්ථිර වෙයි

ඉහළ යන ජීවන වියදම හමුවේ විශ්‍රාමිකයන්ට ඉදිරි ෆෙඩරල් අයවැයෙන් ලබාදෙන දීමනාව ඩොලර් 250 ක් බවට ස්ථිර වී තිබෙනවා.

මීට පෙර වාර්තා වී තිබුණේ එය ඩොලර් 200 ත් 400 ත් අතර අගයක් ගනු ඇති බවටයි.

කෙසේවෙතත් උද්ධමනය පාලනය කර ගැනීමේ අරමුණ ඇතිව එම දීමනාව ඩොලර් 250 කට සීමා කිරීමට තීරණය වී තිබෙනවා.

ඉන්ධන මිළ ඉහළ යාම සහ ගෝලීය සැපයුම් අඩාලවීමෙන් ආහාර මිළ සීඝ්‍රයේන වැඩිවීමත් සමගයි මෙම දීමනාව ලබාදීමට ෆෙඩරල් රජය තීරණය කලේ.

දැනට කිසිදු දීමනාවක් නොලබන පුද්ගලයන්ට එය ලැබීමට නියමිතයි.

https://7news.com.au/lifestyle/personal-finance/millions-of-australians-set-to-receive-one-off-250-cash-handout-as-part-of-the-federal-budget-c-6201194

COMMENTS