සිඩ්නි ප්‍රධාන මාර්ග රැසක ගාස්තු ලබන පළමුවනදා සිට ඉහළට

සිඩ්නි නගරයේ ප්‍රධාන මාර්ග රැසක අය කෙරෙන ගාස්තු ලබන පළමුවනදා සිට ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

පසුගිය ජනවාරි මාසයේදීද ගාස්තු වැඩි කෙරුණු අතර මෙවර ඇතැම් මාර්ගවල ශත 12 ක් වැනි අගයකින් ගාස්තු වැඩි කර තිබීම විශේෂත්වයක්.

කෙසේවෙතත් සිඩ්නි වරාය පාලම කොටසේ සහ තවත් මාර්ග කිහිපයක ගාස්තු වෙනස් වන්නේ නැහැ.

මේ අතර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ මගී ප්‍රවාහන සේවා මගින් මගීන් 45,000 කට වැඩි පිරිසකගෙන් වැඩිපුර ගාස්තු අයකර ඇතැයි ඊයේ අනාවරණය වුණා.

ඔවුන්ගෙන් අමතරව අයකල ගාස්තු යළි ගෙවීමටද නිවු සවුත් වේල්ස් බළධාරීන් පියවර ගෙන තිබෙනවා.

https://www.9news.com.au/national/sydney-tolls-motorists-set-to-be-hit-with-major-price-hike-from-april-1/a3f518b5-0827-48f8-9f5f-3d79abd9f6a8

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »