ඔස්ටේ්‍රලියාවට ඒමේදී අනිවාර්ය කොවිඩ් පරීක්ෂණය අප්‍රේල් 17 සිට ඉවතට – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියාවට ඒමේදී අනිවාර්ය කොවිඩ් පරීක්ෂණය අප්‍රේල් 17 සිට ඉවතට

ඔස්ටේ්‍රලියාවට ඒමේදී අනිවාර්ය කොවිඩ් පරීක්ෂණය අප්‍රේල් 17 සිට ඉවතට

විදේශීය සංචාරකයන්ට ඔස්ටේ්‍රලියාවට පැමිණීමට ගුවන් යානයට ගොඩවීමට පෙර අනිවාර්ය සිදුකල යුතුවු කොවිඩ් පරීක්ෂණ අවශ්‍යතාවය ඉවත් කර තිබෙනවා.

ලබන අප්‍රේල් 17 වනදා සිට එය බලාත්මක වන බවයි සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් නිවේදනය කර සිටියේ.

කෙසේවෙතත් රටට පැමිණෙන සංචාරකයන් අනිවාර්යයෙන් එන්නත් මාත්‍රා 02 ක් ලබා සිටිය යුතු ගුවන් ගමනේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය බවත් ඔහු සඳහන් කලා.

කොවිඩ් තත්වය හමුවේ ඔස්ටේ්‍රලියාවට පැමිණීමේදී අනිවාර්ය සෘණාත්මක පරීක්ෂණයක් හඳුන්වාදෙනු ලැබුවේ පසුගිය වසරේ ආරම්භයේදීයි.

රට තුළ ආසාධිතයන් සංඛ්‍යාවේ තරමක වැඩිවීමක් පෙන්නුම් කලද සෞඛ්‍ය උපදෙස් මත මෙම පියවර ගන්නා බවයි ග්‍රෙග් හන්ට් ප්‍රකාශ කලේ.

https://www.abc.net.au/news/2022-03-25/pre-departure-covid-test-international-travellers-australia/100938716

COMMENTS