Search

NSW මගීන් 45,000 කගෙන් ප්‍රමාණය ඉක්මවා ගාස්තු අයකරයි

පද්ධතියේ දෝෂයක් හේතුවෙන් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ මගීන් 45,000 කට වැඩි පිරිසකගෙන් මෙම මාසය තුළදී නියමිත ප්‍රමාණය ඉක්මවා ගාස්තු අයකර ඇතැයි තොරතුරු හෙළිවනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළකර සමාව අයැද සිටින බවයි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රාන්ත ප්‍රවාහන අංශ සඳහන් කලේ.

සිද්ධියට හේතුව සොයා බලමින් සිටින බවත් මින් ඉදිරියට මෙවැන්නක් සිදු නොවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඔවුන් කියාසිටියා.

මීට මුහුණ පෑ සියලුම බස් – දුම්රිය මගීන් ඉතා ඉක්මණින් සම්බන්ධ කරගෙන වැඩියෙන් අයකල ගාස්තු නැවත ගෙවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද නිවු සවුත් වේල්ස් ප්‍රවාහන අංශ සඳහන් කලා.

https://www.9news.com.au/national/australia-breaking-news-today-live-russia-ukraine-updates-latest-headlines-march-25-2022/2780bcd8-9b6c-4109-ae93-b9b4f83d9432#post=6c5269ce-876d-452f-b9ed-0e32cf7788f7

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »