
මුහුණ දී ඇති දරුණු ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ලෝක බැංකුවේ සහයෝගය ලබා ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තුවන බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.
ලබන මස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවන්ට සමගාමීව එම සාකච්ඡා පැවැත්වෙනු ඇති.
රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මූලාශ්‍ර දෙකක් විසින් අදාළ තොරතුර තහවුරු කර ඇති බවයි.

එළඹෙන මාසයේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එක්සත් ජනපදයේ වොෂිංටන් නුවර වෙත යාමට නියමිතයි.
එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝකු බැංකුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

COMMENTS