Search

ත්‍රස්ත වරදකරුවන්ගේ ලේඛනයක් ස්ථාපිත කිරීමට ෆෙඩරල් රජය සූදානම්

ජාතික වරදකරුවන් බවට නම් කළ ත්‍රස්ත වරදකරුවන්ගේ ලේඛනයක් ස්ථාපිත කිරීමට ෆෙඩරල් රජය සූදානම් වනවා.

ප්‍රාන්ත රජයන් සමග සාකච්ඡා කර එය සකස් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

2014 වසරේ සිට ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් 71 කදී ඔස්ටේ්‍රලියාව තුළ පුද්ගලයින් 144 දෙනෙකුට චෝදනා එල්ල වී ඇති අතර සිරකරුවන් 18 දෙනෙකු ඉදිරි වසර 4 තුළ ඔවුන්ගේ දඩුවම් අවසන් කිරීමට නියමිතයි.

ලබන අගහරුවාදා ඉදිරිපත් කිරීමට නියමිත ෆෙඩරල් රජයේ අයවැය ලේඛනයෙන් මෙම නව වැඩපිළිවල සඳහා ඩොලර් මිලියන 20 කට ආසන්න මුදලක් වෙන් කෙරෙනු ඇති.

ඔස්ටේ්‍රලියාවේදි ත්‍රස්තවාදී චෝදනා ලැබූ සිරකරුවන් 18 දෙනෙකුගේ දඩුවම් ඉදිරි වසර 04 තුළදී අවසන් කිරීමට නියමිතයි.

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »