ඔස්ටේ්‍රලියා සරසවි තුළ ලිංගික හිංසන ඉහළට – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියා සරසවි තුළ ලිංගික හිංසන ඉහළට

ඔස්ටේ්‍රලියා සරසවි තුළ ලිංගික හිංසන ඉහළට

ඔස්ටේ්‍රලියාව තුළ සරසවි සිසුන් අතුරින් සෑම 06 දෙනෙකුගෙන් අයෙකුම අධ්‍යයන කටයුතු ආරම්භවීමෙන් පසු කුමන හෝ ලිංගික හිංසනයකට ලක්ව ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

සමාජ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සිදුකරන ලද 2021 වසරට අදාළ ජාතික ශිෂ්‍ය ආරක්ෂණ සමීක්ෂණයට අනුවයි එම තොරතුරු හෙළිවී ඇත්තේ.

පසුගිය මාස 12 තුළදී ලිංගික හිංසනයකට ලක්ව ඇති සංඛ්‍යාව සෑම 12 දෙනෙකුගෙන් අයෙකු ලෙස සටහන් වනවා.

එමෙන්ම සෑම සිසුන් 20 දෙනෙකුගෙන් අයෙකුම ගතවූ මාස 12 තුළදී කිසියම් ශාරීරික හිංසනයකට ලක්ව ඇති බවද මෙහිදී අනාවරණය වුණා.

ඔස්ටේ්‍රලියාව පුරා සරසවි 38 ක සිසුන් 38,000 ක යොදාගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබුණා.

මෙවැනි සිදුවිමකදී පැමිණිලි කල යුතු ආකාරය පිළිබඳ නොදැනුවත් ප්‍රතිශතය සියයට 50 කට ආසන්න මට්ටමේ පැවතීමද ගැටලු සහගත බව අදාළ වාර්තාව තවදුරටත් හෙළිකර තිබෙනවා.

https://www.9news.com.au/national/national-student-survey-2021-sexual-harassment-results-one-in-six-students-report-harassment/c850d9bc-ad2e-42ea-8e47-3f187638fb67

COMMENTS