Search

ගොවිපොළට අනවසරයෙන් ඇතුලුවන්නන්ට වැඩිම දඩ වික්ටෝරියාවෙන්

FARM TRESSPASS

වික්ටෝරියා ප්‍රාන්තයේ ගොවිපොළ හරහා අනවසරයෙන් ගමන් කරන පුද්ගලයන්ගෙන් ඉහළ දඩ අයකරගැනීමේ යෝජනාවක් ප්‍රාන්ත පාර්ලිමේන්තුව විසින් සම්මත කරගෙන තිබෙනවා.

ඒ අනුව තනි පුද්ගලයකු නම් එම ස්ථානයේදීම නියම කෙරෙන ඩොලර් 1272 ක දඩයක්ද කිසියම් සංවිධානයක් නම් ඩොලර් 8178 ක් ලෙසද දඩ නියම වනු ඇති.

ඔස්ටේ්‍රලියාව තුළ මෙවැනි ආකාරයෙන් ක්‍රියාත්මක වන නීති අතර දැඩිම නීති මාලාව මෙය බවයි වික්ටෝරියා ප්‍රාන්ත රජය පෙන්වා දෙන්නේ.

ගොවිපොළකට පිවිස කිසියම් බරපතල වරදක් සිදුකල පුද්ගලයෙකු වෙතොත් ඔවුන්ට ඩොලර් 10,904 ක් ලෙසද කිසියම් සංවිධානයක් වෙතොත් ඩොලර් 54,522 ක් ලෙසද ඉතා ඉහළ දඩ නියම කිරිමද මේ යටතේ සිදුවනවා.

මේ සම්බන්ධයෙන් වික්ටෝරියා ගොවි සම්මේලනය දැඩි ප්‍රසාදයක් පළකර ඇති අතර එය වගාවන්ගේ මෙන්ම සත්වයන්ගේද ආරක්ෂාවට ඉතා වැදගත් බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

https://www.abc.net.au/news/rural/2022-03-23/laws-deter-victorian-animal-activists-trespassing-on-farms/100932410?utm_campaign=abc_news_web&utm_content=whatsapp&utm_medium=content_shared&utm_source=abc_news_web

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »