Search

ලොව mRNA එන්නත් නිෂ්පාදනය කරන රටවල් අතළොස්ස අතරට ඔස්ටේ්‍රලියාවත්

ඔස්ටේ්‍රලියාව තුළ පළමු වරට mRNA වර්ගයේ එන්නත් නිපදවීමට අදාළ ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

ඒ ෆෙඩරල් රජය – වික්ටෝරියා ප්‍රාන්ත රජය සහ මොඩර්නා එන්නත් සමාගම අතරයි.

මේ අනුව වසරකට එන්නත් මාත්‍රා මිලියන 100 ක් නිෂ්පාදනය කල හැකි නව කර්මාන්ත ශාලාවක් වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදිකිරිම මෙම වසර අවසානයේදී ආරම්භවීමට නියමිතයි.

කොවිඩ්19 සහ තවත් උණ රෝග 04 ක් සඳහා මෙහිදී එන්නත් නිපදවෙනු ඇති.

මෙම කර්මාන්තශාලාව ඉදි කිරීමත් සමග ලොව පුරා mRNA එන්නත් නිෂ්පාදනය කරන රටවල් අතළොස්ස අතරට ඔස්ටේ්‍රලියාවද එක්වනවා.

මෙය ඔස්ටේ්‍රලියාවේ සෞඛ්‍ය පද්ධතිය ලද සුවිශේෂී ජයක් බවයි අගමැති ස්කොට් මොරිසන් කියාසිටියේ.

https://www.abc.net.au/news/2022-03-24/moderna-will-produce-mrna-vaccines-in-australia-from-2024/100934812?utm_campaign=abc_news_web&utm_content=whatsapp&utm_medium=content_shared&utm_source=abc_news_web

 

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »