විදේශීය සංචාරකයන් සඳහා කොවිඩ් නීති තවත් ලිහිල් කිරීමට ඔස්ටේ්‍රලියාව සූදානම් – AusLanka TV – Australian News for the Sri Lankan community

විදේශීය සංචාරකයන් සඳහා කොවිඩ් නීති තවත් ලිහිල් කිරීමට ඔස්ටේ්‍රලියාව සූදානම්

විදේශීය සංචාරකයන් සඳහා කොවිඩ් නීති තවත් ලිහිල් කිරීමට ඔස්ටේ්‍රලියාව සූදානම්

විදේශීය සංචාරකයන් සඳහා කොවිඩ් නීති තවදුරටත් ලිහිල් කිරීමට සූදානම් බව ඔස්ටේ්‍රලියා අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

ඒ අනුව ජාත්‍යන්තර සංචාරකයින්ට ඔස්ටේ්‍රලියාවට පිටත්වීමට පෙර මුහුණ දිය යුතු කොවිඩ් පරීක්ෂණ අවශ්‍යතා ඉක්මනින් ඉවත් කිරීමට හැකිවනු ඇති බව සඳහන්.

ඇතැම් සංචාරකයින් පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලබා තිබුනද ගුවන් යානයකට ගොඩවීමට පෙර ඍණාත්මක කොවිඩ් පරීක්ෂණ ප්‍රතිඵලයක් පෙන්විම තවමත් බලාත්මකයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් විසින් නුදුරේදිම නිවේදනයක් නිකුත් කරන බව අගමැති මොරිසන් සඳහන් කලා.

සංචාරක ක්ෂේත්‍රය නංවාලීම සඳහා අගමැති මොරිසන් විසින් ඊයේ දිනයේදී ඩොලර් මිලියන 60 ක පැකේජයක්ද ප්‍රකාශයට පත් කලා.

COMMENTS