ෂේන් වෝන්ට අවසන් බුහුමන් දැක්විම සඳහා 42,300 ක් ලියාපදිංචි වෙයි

ලබන 30 වනදා පැවැත්වෙන අවමංගල්‍ය උත්සවයේදී සුපිරි ක්‍රීඩක ෂේන් වෝන්ට අවසන් බුහුමන් දැක්විම සඳහා ඔස්ටේ්‍රලියානුවන් 42,000 කට වැඩි පිරිසක් ලියාපදිංචි වී තිබෙනවා.

ඒ අන්තර්ජාලය ඔස්සේ ඊයේ පස්වරු 03 සිට විවෘත කෙරුණු නොමිළයේ ප්‍රවේශපත්‍ර ලබාදීමේදීයි.

මේ අනුව 42,300 ක පිරිසක් දැනටමත් ප්‍රවේශපත්‍ර වෙන් කරවාගෙන අවසන් බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලා.

ෂේන් වෝන් ගේ අවසන් කටයුතු ලබන 30 වනදා රාත්‍රී 07 ට මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විමට නියමිතයි.

ඔහු ජීවිතක්ෂයට පත්වූයේ පසුගිය 04 වනදා තායිලන්තයේදියි.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »