Search

පොරොන්දුවූ අන්තර්ජාල වේග නොදුන් සමාගම් ඩොලර් මිලියන 6.5 ක වන්දි ගෙවයි

පාරිභෝගිකයන්ට ප්‍රමාණවත් අන්තර්ජාල වේග ලබාදීමට අපොහොස්තවීම මත Optus සහ TPG යන සන්නිවේදන සමාගම් 02 විසින් ඩොලර් මිලියන 6.5 ක පමණ වන්දි මුදල් ගෙවා තිබෙනවා.

ඒ දැන්වීම්වල පළකර තිබූ අයුරින් සේවා සැපයීමට නොහැකිවීම මතයි.

පසුගිය වසරේ ජූලි මාසයේදී Optus ආයතනය විසින් පාරිභෝගිකයන් 34,000 කට ගෙවා තිබූ මුදල ඩොලර් මිලියන 4.4 ක්.

පසුගිය ඔක්තෝබර් මාසයේදී TPG විසින් පාරිභෝගිකයන් 4,400 කට ගෙවා තිබූ මුදල ඩොලර් මිලියන 2.1 ක් බව වාර්තා වනවා.

වර්තමාන නීති යටතේ කිසියම් ඔස්ටේ්‍රලියානු සන්නිවේදන සමාගමකට පොරොන්දු වූ අන්තර්ජාල වේගය ලබාදිය නොහැකි නම් ඔවුන් ඒ බව පාරිභෝගිකයාට දැනුම්දී කිසියම් වන්දි මුදලක් ලබාදිය යුතුයි.

https://www.9news.com.au/technology/australia-internet-speeds-optus-tpg-issues-6-million-refunds-over-internet-speeds/548a5be0-abf0-4e64-a365-bb81c33aea2c

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »