කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යා නැවතත් ඉහළයාමත් සමග ඉදිරි ෆෙඩරල් මැතිවරණයේදී දහස් සංඛ්‍යාත පිරිසක් දුරකථනය ඔස්සේ ඡන්දය ප්‍රකාශ කරනු ඇති බවට අනාවැකි පළවනවා.
මැතිවරණය පැවැත්වෙන දිනය මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශයට පත් වී නොමැති නමුත් බොහෝ දුරට මැයි 14 වන සෙනසුරාදා දිනයේදී එය පැවැත්වෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.
පසුගිය පෙබරවාරි මාසයේදී සම්මත කරගත් නීතියකට අනුව දුරකථනය හරහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඔස්ටේ්‍රලියානුවන්ට මෙවර වැඩි පහසුකම් හිමිවන්නේ හුදකලා නීති බලාත්මක වීම හේතුවෙනුයි.
කිසියම් අයුරකින් අද දිනයේදී මැතිවරණයක් පැවැත්වුවහොත් නිවු සවුත් වේල්ස් හි 240,000 කට වැඩි පිරිසකටත් – වික්ටෝරියා හි 53,000 ක පමණ පිරිසකටත් ඡන්දය ප්‍රකාශ කිරීමට සිදුවන්නේ දුරකථනය හරහායි.
මේ අතර ෆෙඩරල් මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් වනවා.