
ඔස්ටේ්‍රලියාව පුරා ප්‍රධාන පෙලේ වෛද්‍යවරුන් අද රැස්වී පවතින කොවිඩ් තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
ඔමික්‍රොන් නව ප්‍රභේදය හමුවේ ආසාධිතයන් සංඛ්‍යා සීඝ්‍රයෙන් ඉහළයාම පිළිබඳ එහිදී අවධානය යොමු කෙරෙනු ඇති.
එක් එක් ප්‍රාන්තවල ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් ඇතුලු වගකිව යුතු නිළධාරීන් මීට එක්වනවා.

හුදකලා නීති වෙනස් කල යුතුද යන්න පිළිබඳ එහිදී අවසන් තීරණයක් ගැනෙනු ඇති බවද සඳහන්.
සමීප ආශ්‍රිතයන්ගේ හුදකලා කාලය අඩු කරන්නැයි ජාතික කැබිනෙට්ටුව උපදෙස් දී ඇතත් වෛද්‍යවරුන් පසුවන්නේ ඊට වෙනස් මතයක බවටයි වාර්තා පළවන්නේ.
