අභ්‍යන්තර ගුවන් ගමන් ගාස්තු 112% කින් ඉහළට

ඉන්ධන මිළ ගණන් ඉහළ යාම හමුවේ අභ්‍යන්තර ගුවන් ගමන් ගාස්තු සියයට 112 කින් වැඩිවී ඇතැයි අනාවරණය වනවා.

කොවිඩ් වසංගතය හමුවේ අඩාලවී තිබූ ගුවන් ගමන් කර්මාන්තය යළි ආරම්භ කිරීමෙන් පසු සිය ලාභය ඉහළදමා ගැනීමට ගුවන් සමාගම් පියවර ගනිමින් සිටීම ඊඨ හේතුවයි.

වසංගතයට පෙර පර්ත් – සිඩ්නි ගුවන් ගමනකට ඩොලර් 407 ක් පමණ වැයවූ නමුත් මේ වනවිට එය ඩොලර් 862 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙල්බන් – පර්ත් ගමන්වාරයක් 2019 දී ඩොලර් 368 න් ලෙස පැවති නමුත් මේ වනවිට එය ඩොලර් 611 ක් දක්වා ඉහළගොස් ඇති බව සඳහන්.

කෙසේවෙතත් සිඩ්නි – මෙල්බන් ගුවන් ගමනක් සඳහා පැවති ඩොලර් 170 ක් පමණ වන ගාස්තුව ඩොලර් 114 ක් වැනි අගයකට අඩුවී තිබීම විශේෂත්වයක්.

ඉන්ධන මිළ ගණන් අඩුවීමක් සිදුනොවුණ හොත් ගුවන් ගමන් ගාස්තුද අඛණ්ඩව ඉහළ යාහැකි බවටයි ක්වන්ටාස් ගුවන් සේවයද නිවේදනය කලේ.

පොලිසියෙන් බව කියන දුරකථන ඇමතුමක් ගැන NSW ජනතාවට උපදෙසක්

නිව් සවුත්වේල්ස් පොලිස් ස්ථානයෙන් යැයි පවසමින් ලැබෙන ව්‍යාජ දුරකථන ඇමතුමක් පිළිබඳ ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා

Read More »

මෙල්බන් සහ සිඩ්නි අවට අඩු මුදලට නිවසක් සොයන අයට පණිවුඩයක්

සතියකට ඩොලර් 350 කට හෝ ඊට අඩු මුදලකට කුලියට ගත හැකි කුලී දේපල සහිත ප්‍රදේශ කිහිපයක් සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ටෙලියාවේ රැකියා කරන අයට බදු කාර්යාලයෙන් දැනුම්දීමක්

තම superannuation හැකි සෑම අවස්ථාවකම පරීක්ෂා කර බලන ලෙසට ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වූවන්ගෙන් බදු කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියානුවන් දහස් ගණනකගේ පෞද්ගලික තොරතුරු සයිබර් ප්‍රහාරකයෙකුගේ අතට

වික්ටෝරියා ප්‍රාන්ත පරිසර ආරක්ෂණ අධිකාරියේ (EPA) බාහිර සම්බන්ධතා මධ්‍යස්ථානයේ පරිගණක පද්ධතිය සයිබර් ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් විශාල පිරිසකගේ පුද්ගලික දත්ත වෙනත් පාර්ශවයක් විසින් ලබාගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »