ශ්‍රී ලංකාව චීනයෙන් තවත් ඩොලර් බිලියන 2.5 ක ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකාව චීනයෙන් තවත් ඩොලර් බිලියන දෙකහාමාරක ණයක් ඉල්ලා තිබෙනවා.

ඒ ඩොලර් බිලියනයක ණය මුදලක් සහ ඩොලර් බිලියන එකහාමාරක ණය පහසුකමක් ලෙසයි.

චීන තානාපති චී වෙන්හොං කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ එම ඉල්ලීම සම්බන්ධයෙන් චීනය සළකා බලමින් සිටින බවයි.

2020 වසරේ සිට මේ දක්වා චිනය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.8 ක ණය සපයා ඇතැයිද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ඩොලර් බිලියන 1.5 ක විනිමය හුවමාරු පහසුකමක්ද ඒ අතර වනවා.

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදී සිටින තත්වයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට චීනය කිසිදු විටක සූදානම් නොමැති බවද තානාපතිවරයා සඳහන් කලා.

මීට වසර 70 කට පෙර චීනය වැටී සිටි තත්වයේදී ශ්‍රී ලංකාව උපකාර කල ආකාරය අමතක නොවන බවයි චී වෙන්හොං මහතා කියාසිටියේ.

ශ්‍රී ලංකාවේ ඇති චීන ව්‍යාපෘති හරහා රැකියා 11,000 ක් පමණ නිර්මාණය වී ඇතැයිද තානාපතිවරයා පෙන්වා දුන්නා.

කොළඹ වරාය නගරයට දැනටමත් ඩොලර් බිලියන 1.05 ක පමණ ආයෝජන ලැබී ඇති බවත් චී වෙංහොං වැඩිදුරටත් ප්‍රකාශ කලා.

යෝජිත හම්බන්තොට කාර්මික කලාපයේ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා සමාගම් 43 ක් මේ වනවිටත් ගිවිසුම් අත්සන් කර ඇති බවද ඔහු සඳහන් කලා.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »