
දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ නව අගමැතිවරයා ලෙස පීටර් මලිනොස්කස් දිවුරුම් දී තිබෙනවා.
පසුගිය සෙනසුරාදා පැවති ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් පක්ෂය ජයගැනීමත් සමගයි ඔහු එම ධුරයට පත් කෙරුණේ.
දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ අගමැති ධුරයට පත්වන 47 වන තැනැත්තා වන්නේ පීටර් මලිනොස්කස් බව සඳහන්.

ප්‍රාන්තයේ නියෝජ්‍ය අගමැතිනිය ලෙස සුසාන් ක්ලෝස් දිව්රුම් දෙනු ලැබුවා.
දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත කැබිනට් මණ්ඩලය මෙම සතිය තුළදී දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.
