
දැනට ඔස්ටේ්‍රලියාවේ සිටින යුක්රේන ජාතිකයන්ට වසර 03 ක temporary protection visa සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.
අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් නිවේදනය කලේ ඔවුන්ට රැකියා කිරීමට – අධ්‍යාපනය ලැබීමට සහ පහසුකම් ලබාගැනීමට එමගින් හැකි වන බවයි.
මේ වනවිට යුක්රේනයේ සිටින 5000 කට පමණ ඔස්ටේ්‍රලියාවට පැමිණීමටද වීසා නිකුත් කර තිබෙනවා.

ඒ skilled migrant – family reunion – student – tourist වීසා කාණ්ඩ යටතේයි.
ඔවුන්ටද ඔස්ටේ්‍රලියාවට පැමිණීමෙන් පසු temporary protection වීසා සඳහා අයදුම් කල හැකියි.

මීට අමතරව යුක්රේනයට ඩොලර් මිලියන 30 ක් වටිනා මානුෂික ආධාර සහ ඩොලර් මිලියන 21 ක් වටිනා යුධමය සහය සැපයීමටද ඔස්ටේ්‍රලියාව තීරණය කර තිබෙනවා.