මැතිවරණයට පෙර ඔස්ටේ්‍රලියානුවන්ට දීමට නියමිත දීමනාව $200 – 400 ත් අතර බවට වාර්තා – AusLanka TV – Australian News for the Sri Lankan community

මැතිවරණයට පෙර ඔස්ටේ්‍රලියානුවන්ට දීමට නියමිත දීමනාව $200 – 400 ත් අතර බවට වාර්තා

මැතිවරණයට පෙර ඔස්ටේ්‍රලියානුවන්ට දීමට නියමිත දීමනාව $200 – 400 ත් අතර බවට වාර්තා

එළඹෙන ෆෙඩරල් මැතිවරණයට පෙර ඔස්ටේ්‍රලියානුවන්ට ලබාදීමට නියමිත එක් වරක් පමණක් ගෙවන දීමනාව ඩොලර් 200 ත් 400 ත් අතර අගයක් ගනු ඇති බවට වාර්තා පළවනවා.

ලබන 29 වන දින ඉදිරිපත් කිරීමට නියමිත ෆෙඩරල් අයවැය ලේඛණයට මෙම යෝජනාව ඉදිරිපත් කෙරෙනු ඇති බවද සඳහන්.

කෙසේවෙතත් මේ වනවිටත් විවිධ දීමනා කිහිපයක් ලබන පුද්ගලයන්ට මෙම එක් වරක් පමණක් ගෙවන දීමනාව හිමි නොවනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

දැනට රැකියාවල නිරත වන පුද්ගලයන්ට වර්තමාන ආහාර සහ ඉන්ධන මිළ ගණන් ඉහළයාම හමුවේ රජයෙන් පිරිනැමෙන බෝනස් දීමනාවක් ලෙස මෙම මුදල ලබාදෙනු ඇති බවටද වාර්තා පළවනවා.

https://7news.com.au/politics/federal-politics/australians-likely-to-receive-between-200-and-400-in-one-off-payment-c-6136328

COMMENTS